Tuesday, 13 February 2018 16:06

ගමන් මල්ලේ හැංගිච්ච් ධනංජයගෙ ආදරේ...

ධනංජය හරිම වෙනස් විදියට ආදරය ප්‍රකාශ කරන කෙනෙක් කියලයි එයාගෙ සුන්දර බිරිය ශෂිනි කියන්නෙ. එහෙම හිතාගන්නවත් බැරි විදියට ධනංජය ආදර ප්‍රකාශ කරපු විදියක් ගැන ශෂිනි අපිට කිව්වේ මෙන්න මේ විදියට.

ඒ දවස්වල මම මගේ රැකියාවත් එක්ක විදෙස්ගත වෙලා හිටියේ. ඉතිං මම ලංකාවට ඇවිල්ලා යද්දි ධනංජය හරිම අපූරු විදියට එයාගේ ආදරය මට දැනෙන්න සලස්වනවා.

ඒක හරිම ආදරණීයයි. මම ලංකාවේ ඉඳලා පැක් කරගෙන යන බඩු මල්ලේ කොහේ හෝ තැනක ධනංජයගේ සුන්දරම ආදරය හැංගිලා තියෙනවා. 

හිතාගන්නවත් බැරි සුන්දර විදියට ආදරය ප්‍රකාශ කෙරෙන වචන අමුනපු කොලකෑලි,  ධනංජය හරිම සූක්ෂම විදියට මගේ ගමන් මල්ලේ හංගනවා. ඔහු මගේ ළඟ දැවටි දැවටි ඉන්න හැඟීම තරමටම ආදරණීය හැඟීමක් ඒ හැම කොල කෑල්ලකම තිබුණා. මම පිටරට ගියාම තමයි ඒ හැංගිච්ච කොලකෑලි එකින් එක දකින්නෙ. ඒ වගේ දුර රටක තනිවෙලා ඉන්න වෙලාවකත් ධනංජය මගේ ළඟට ආපු විදිය හරිම සුන්දරයි. 

 

තව විස්තර කියවන්න.