Tuesday, 13 February 2018 15:53

සුපිරි තරු වැලන්ටයින් සමරපු හැටි...

අනූජ් - දහයේ පංතියේ ඉඳලා සමරනවා

මං නම් දහයේ පන්තියේ ඉඳන්ම වැලන්ටයින් ඩේ එක සමරනවා ඉතිං. මට මතක විදියට මම මුලින්ම වැලන්ටයින් ගිෆ්ට් එකක් විදියට දුන්නෙ පර්ෆියුම් එකක්. ඒත් දැන් නම් ඉතින් වැලන්ටයින් සමරනවා කියලා කරන්නෙ මොකක් හරි රටට සමාජයට හොඳ දෙයක් කරන එක තමයි. ඉතිං මේ පාර වැලන්ටයින් එකට වැඩිහිටි නිවාසයකට ගිගිං ඒ අයත් එක්ක ආදරය බෙදගන්න තමයි මගෙ අදහස

 

දුලීකා - මරණයක් සමරන්නෙ කොහොමද?

අනේ ඇත්තමයි මේ වෙනකල් එහෙම එකක් සමරලා නම් නෑ. මං හිතන්නෙ වැලන්ටයින් ඩේ එක කියන්නෙ සමරන්න ඕනෙ එකක් නෙමෙයි කියලා. මොකද ඒක මරණයක් සිහිපත් කරන දිනයක්නෙ. ඒ නිසා ෆිල්ම් එකේ වැඩයි අනෙක් වැඩයි එක්ක ඒ දවසත් ගෙවිලා යනවා. සාමාන්‍ය විදියටම

 

දුෂ්‍යන්ත් - ඇමරිකාවට ගුවන් ටිකට්පතක් දුන්නා

අපෝ වැලන්ටයින් නම් සමරලා තියෙනවා ඕනතරම්. ඒත් හරියටම එකක් කියලා මතක් කරගන්න බැහැනෙ. මතක ඇති කාලෙක වැලන්ටයින් සමරපු අවස්ථාවල මම එයාට ගිෆ්ට් විදියට අයිපෑඩ්, ෆෝන් දීලා තියෙනවා. එක අවස්ථාවක ඇමරිකාවට ගුවන් ටිකට්පතකුත් දුන්නා. මේ පාරත් හොඳ ස්ප්‍රයිස් එකක් දෙන්න තමයි බලාගෙන ඉන්නෙ. 

 

ඉමායා - මේපාර ලොකු ගිෆ්ට් එකක් යවනවා

මුලින්ම වැලන්ටයින් එකක් සැමරුවෙ 2008 දි. අපේ ආදර කතාවට දැන් වසර දහයක් වෙනවා. පළමු වැලන්ටයින් එක උදා වෙද්දි අපි දෙන්නම හිටියෙ රටවල් දෙකක. ඒ නිසා මොනවත් කරගන්න බැරිවුණා. හැබැයි ඉතිං ලියුම් යවනවා. තෑගි යවනවා. මට හොඳටම මතක වැලන්‍ටයින් ගිෆ්ට් එක තමයි එයා මට එවපු මියුසික් එකකට ඩාන්ස් කරන කපල් එකක් ඉන්න ලස්සන සැරසිල්ල. මේ පාරත් මං එයාට වැලන්ටයින් ගිෆ්ට් එකක් යවනවා. එයත් කොයි රටක හිටියත් අනිවාර්‍යෙන්ම මටත් ගිෆ්ට් එකක් එවනවා. මොනවා හරි විශේෂ දෙයක් කරනවා.

 

ජනිත් - වැලන්ටයින් ඩේ එකට ලේ දන් දෙනවා

වැලන්ටයින් සමරලා නම් තියෙනවා. ඒත් එහෙම ලොකු මතකයක් නෑ අනේ. ගිෆ්ට් එහෙමත් ලැබිලා තියෙනවා. ඒ ගැන මතක නෑ එහෙම ලොකුවට. හැබැයි මේපාර වැලන්ටයින් එකට මම රුධිර කඳවුරක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. හෙට නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයෙදි මේ ලේ දන් දීමේ කඳවුර පැවැත්වෙනවා.

 

කාවිංග - කවදාවත් ලැබිලා නෑ. දීලා විතරයි

මාරම කණගාටුවට කරුණ කියන්නෙ වැලන්ටයින් එකට මම කොයි තරම් ගිෆ්ට් දීලා තිබුණත් මට කිසි කෙනෙක් ගිෆ්ට් එකක් දීලා නෑනෙ. මම නම් කරාබු දීලා තියෙනව. මාලයක් දීලා තියෙනවා. හෙට මොනවද කරන්නෙ කියලත් තවම නම් හිතුවෙ නෑ. ඒත් මොනා හරි කරන්න ඕනෙ. මම ගොඩක් ප්ලෑන් කරලා වැඩ කරන කෙනෙකුත් නෙමෙයිනෙ. ඉතිං ඔය හෙට යනකොට මගදි මොනා හරි අන්කොමන් දෙයක් දැක්කොත් අරං ගිහින් දෙනවා. ඒක ඉතිං ෆුල් සර්ප්‍රයිස් දෙයක් වෙයි.

 

ලෝචනා - පරිප්පු පැකට් එකක් එවලා තිබුණා

මං එහෙම ලොකුවට වැලන්ටයින් සමරලා නම් නැහැ. ඒත් මේපාර වැලන්ටයින් එකට මොකක් හරි විශේෂ දෙයක් සිදුවෙයි කියලා මම හිතනවා. ඇයි දන්නෙ නෑ මට එහෙම හිතෙනවා. හැබැයි ඉතිං මම වැලන්ටයින් ගිෆ්ට් යවලා තියෙනවා. එයත් මට එවලා තියෙනවා. ඔන්න එක වතාවක ගිෆ්ට් එවන ගමන් පරිප්පු පැකට් එකකුත් එවලා තිබුණා. ඒ වගේ වැඩ තමයි ඉතිං කරන්නෙ. මේ පාරත් මොනා හරි දෙයක් වෙයි ඉතිං. මාත් එයාට ගිෆ්ට් එකක් ගන්න නම් ඕනෙ. තවම බැරිවුණානෙ. 

 

 

මහේෂි - හම්බවෙන්න ඕනෙ ගිෆ්ට් එක මොකක්ද කියලා දැනටම කියලා ඉවරයි

මට අමතක නොවනම වැලන්ටයින් එක සැමරුවෙ ගිය අවුරුද්දෙ. එයා මට ස්ප්‍රයිස් පාටි එකක් දුන්නානෙ.

මගෙ හරි කැත පුරුද්දක් තියෙනවා. මම මට ඕනෙ මොනාද කියලා කලින්ම කියනවා. ඉතිං බර්ත්ඩේ එක, ඇන්වසරි එක, වැලන්ටයින් එක. මේ කියන දවස් වලට නම් මට ඉතිං තෑගි ඕනෙමයි. මම මේ පාරත් ඕනෙ මොකක්ද කියලා කලින්ම කියලා තියෙන්නෙ. හම්බවෙයිද දන්නෙ නෑ ඉතිං.

 

තව විස්තර කියවන්න.