Tuesday, 13 February 2018 09:11

මේරියන්ස් තිහ සමරයි...

ලංකවේ සංගීත කණ්ඩායම් අතර මේරියන්ස් සංගීත කණ්ඩායමට හිමි වන්නෙ වැදගත් ස්ථානයක්. ඔවුන් මෙතෙක් ආ ගමන් මගෙහි එකතු කරගත් රසික රසිකාවියන් සංඛ්‍යාව සුවිශාලයි. 

මේරියන්ස් කියන්නෙ රැල්ලක් හදපු සහ රැල්ලට නොගියපු වෙනම හැඩයක් ඇතුව බිහි වූ සංගීත කණ්ඩායමක්. මේ කණ්ඩායමට නායකත්වය දෙන්නෙ නලීන් පෙරේරා. 

මේ දවස්වලත් නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කණ්ඩායම ඉන්නෙ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් විදෙස්ගත වෙලා. කොහොම වුණත් නලීන් සහ මේරියන්ස් කණ්ඩායම ඡායාරූපයක් ද පළකරමින් ඔවුන්ගේ තිස්වැනි සංවත්සරය සිහිපත් කරලා තිබුණා.

මේරියන්ස් සංගීත කණ්ඩායම බිහිවෙලා දැන් අවුරුදු තිහක්. මේ වසරේ දී ඔවුන් සමරන්නෙ තිස්වැනි උපන්දිනය. තව අවුරුදු බොහොමයක් මධුර සංගීතයෙන් අපව පිනවන්නට මේරියන්ස් කණ්ඩායමට හැකිවේවා කියන ප්‍රාර්ථනාව අපිත් මේ වෙලාවේ එකතු කරනවා.

 

තව විස්තර කියවන්න.