Thursday, 21 December 2017 15:00

රොෂාන්ගේ අලුත ගෙනා මනාලිගේ බලාපොරොත්තුව...

රොෂාන් පිළපිටිය හදිසියේම යුග දිවියට පිවිසුනා කියලා අපි ඔයාලට කිව්වා මතක ඇතිනේ. මේ කියන්න යන්නේ රොෂාන්ගේ මනාලිය රොෂාන් ගැන කියපු අදහස් කීපයක්.

රොෂාන්ගේ මංගල්‍යය ආරංචි වුණාට පස්සේ තැන තැන කට්ටිය ඒ ගැන කතාවෙන්න පටන්ගත්තනේ. කොහොම හරි මේ සුන්දර යුවතියගේ අම්මත් තමන්ගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් දාලා දියණියගේ අලුත් ජීවිතයට සුභ පතලා තිබුණා. 

රිද්මා රොෂාන්ට හුඟක්ම ආස කළේ ඔහුගේ ළඟ තියෙන අවංක ගුණය නිසා ලු. රොෂාන්ගෙන් රිද්මා බලාපොරොත්තු වෙන්නෙ කාරණා දෙකයි. එකක් තමන්ට අවංක වෙන එක. අනික ආරක්ෂාව. මේ අතින් රොෂාන් හොඳ කෙනෙක් කියලයි රිද්මා කියන්නෙ. හමු වූ මුල් දවස්වලම රොෂාන් කියන්නෙ හරිම සරල කෙනෙක් කියලා රිද්මාට තේරුම් ගියාලු. 

රිද්මාට රොෂාන්ගේ පෞද්ගලික ජීවිතයේ ඉතිහාස තොරතුරු කිසිම දෙයක් අදාල නැහැලු. එයාට අවංකව ආදරය කරන එකම ප්‍රමාණවත් ලු. රිද්මා රංගනයෙන් යම් දුරක් යන්නත් අදහස් කරගෙන ඉන්නවා. 

 

තව විස්තර කියවන්න.