Monday, 18 December 2017 15:00

සුභ මංගලම් අයිෂ්... 

නිරූපිකාවක ලෙස පැමිණි අයිෂ්ගේ ගමන රංඟන ශිල්පිනියක් දක්වාම පැමිණෙනවා. ඇය සිනමාවට වගේම වේදිකාවටත් එක වගේ සම්බන්ධ වෙනවා. අයිෂ් කියන මේ  සුරූපිනය සුන්දර තරුණයකුගේ අත ගත්තා කියන පුවත අපට ආරංචි වුණා. වැඩි සද්ද බද්දයක් නැතිව වුණත් සුරූපී අයිෂාරා හරිම ලස්සනට යුග දිවි ගමන අරඹනවා. ඇයගේ අත ගත්තේ  තීක්ෂණ පළිහවඩන. විවාහය සම්බන්ධ බොහෝ තොරතුරු සමාජයට කියන්න අයිෂ්වත් ඔහුගේ ස්වාමිපුරුෂයා වූ තීක්ෂණවත් කැමති නැහැ. විවාහය කියන්නෙ අතිෂය පෞද්ගලික දෙයක් කියලා තමයි එයාලා හිතන්නෙ. 

"අයිෂ්ගේ ගමනට හැකි උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා"

ඒක තමයි තීක්ෂණගේ එකම බලාපොරොත්තුව. මේ දෙන්නා ඉදිරියෙදී අයිෂ්ගේ වෘතිය ජීවිතයට බාධා නොවන පරිදි ලංකාවේ වගේම පිටරටත් ජීවත් වෙනවා. එහෙම තමයි තීක්ෂණ අපිට කිව්වේ. වැඩි විස්තර පසුවට කතා කරමු. ඊට කලින් අපි අයිෂ්ගේ අලුත් ජීවිතයට සුභ ප‍්‍රාර්ථනා එකතු කරමු...

තව විස්තර කියවන්න.