Monday, 04 December 2017 15:08

මේනකා සරත් කොතලාවලත් එක්ක නටපු සන්නිය...

කොළඹ සන්නිය කියන්නෙ හාස්‍ය රසය පිරි පරණ චිත්‍රපටයක්. ගීතා, ජෝ, ප්‍රෙඩී, දෙනවක හාමිනේ දොන් සිරිසේන වගේ අය තමයි එදා කොළඹ සන්නියට ඇවිත් අපිව ඉල ඇදෙනකල් හිනැස්සුවේ. දැන් මේ අයගෙන් ඉතිරිවෙලා ඉන්නෙත් ගීතා විතරයි.  කාලයාගේ ඇවෑමෙන් තවත් කොළඹ සන්නියක් පෙන්නන යනවා. ඒකට මේනකා මධුවන්ති එක්ක සරත් කොතලාවලත් සම්බන්ධ වෙනවා. කොළඹ සන්නිය මොන වගේ සාර්ථකත්වයක් අත්පත් කරගනීද කියලා අපිට දැන්ම කියන්න බැහැ.

හැබැයි ජෝ අබේවික්‍රමලා ගීතලා දාපු සෙල්ලම් දානවා කියන්නෙ ලේසිපහසු වැඩකුත් නෙමෙයි.

මේනකා රඟපාන කොළඹ සන්නිය කොයි විදිය එකක් වේවිද කියන්න බැහැ. කොහොම වුනත් ආයෙත් ප්‍රති නිර්මාණය වෙන්නේ පැරණි චිත්‍රපටයම නම් නිර්මාණයේ ගුණාත්මක බව රැක ගන්න වෙනවා. මොකද කොළඹ සන්නිය කියන්නෙ ඒ තරම්ම සාර්ථක ප්‍රහසනයක් නිසා.

 

තව විස්තර කියවන්න.