Monday, 04 December 2017 14:41

ඇලරිස් සන්නාම තානාපතිවරු හිටිහැටියේ බාලි ගියේ ඇයි?...

බාලි කියන්නෙ ඉන්දුනීසියායාවට අයිති සුන්දරම දිවයිනක්. මේ දූපත සංචාරකයින් වඩාත් ආකාර්ශනය වන තැනක්. 

ලංකාවේ රූපලාවන්‍යය ශිල්පීන් සහ නළුනිළියන් තිහක් පමණ හිටිහැටියේ බාලි සංචාරයක නිරත වනවා. රාත්‍රීන් තුනක් බාලි දූපත්වල ගතකරන මේ පිරිස බාලි ගමනට හරියටම දින හතරක් වැය කරනවා. කවුද මේ කට්ටිය...ඇයි එයාලා හිටිගමන් බාලි ගියේ?

ඇත්තටම ඒක හිටිගමන් ගියපු ගමනක් නෙමෙයි. ඇලරිස් ලංකා පෞද්ගලික සමාගම තමන්ගේ සන්නාම තානපතිවරුන් සමග හැම වසරකම සංචාරයක් කරනවා. මෙදා පාර ඒ සංචාරය තිබිලා තියෙන්නෙ බාලි දූපත් වලට. කවුද එතකොට බාලි සංචාරයට අවස්තාව උදාකරගත්ත බ්‍රෑන්ඩ් එම්බසිඩර්ස්ලා? 

රොෂාන් රණවන, උදාරි පෙරේරා, වත්සලා, බුවීනි, යශෝධා, නදිනි ප්‍රේමදාස, සචිනි, වගේ බොහෝ පිරිසක් බාලි සංචාරයට ඇලරිස් ලංකා පෞද්ගලික සමාගමේ තානාපතිවරු ලෙස සහභාගී වනවා. මීට අමතරව ලංකාවේ සිටින ජනප්‍රිය රූපලාවන්‍යය ශිල්පීනුත් මේ ගමනට එකතු වෙනවා.

හැමෝම දින හතරක් තිස්සේ බාලි දූපතේ සංචාරය කරනවා. විශේෂයෙන්ම මේ ගමනේදි බාලි දූපතේ සංස්කෘතිය සමග සමීප වන්න අවස්තාව උදාවුණා කියලා තමයි සංචාරයට සහභාගිවුණු උදාරි අපිට කිව්වේ. 

තව විස්තර කියවන්න.